රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
අපි ගැන

 

PublicFinance.lk යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ තොරතුරු සඳහා වූ වේදිකාවකි. මෙම වේදිකාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ දත්ත සහ  විශ්ලේෂණයන් ලබා දීම හරහා රාජ්‍ය මූල්‍ය පිළිබඳ තොරතුරු හිඟය පියවීමට සහ ඒ පිලිබඳ  අවබෝධය වැඩි දියුණු කිරීමට අදහස් කරයි.

PublicFinance.lk මෙහෙයවනු ලබන්නේ ආර්ථික විද්‍යාව, දේශපාලනය, නීතිය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍රයන්හි ආසියාව සඳහා උපායමාර්ගික විශ්ලේෂණ සපයන ස්වාධීන චින්තන පර්ෂධයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය විසිනි.

වෙරිටේ රිසර්ච් ආයතනය තවත් අන්තර්ජාල වේදිකා කිහිපයක් ක්‍රියාත්මක කරයි.

 

 

 


වගකීම්හරණය

මෙම වේදිකාවේ අඩංගු තොරතුරු රජයේ වාර්තා, නිල ප්‍රකාශන, මහජන වාර්තා සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ගොනු කරන ලද  ඉල්ලීම් මඟින් ලැබෙන තොරතුරු වලින් සම්පාදනය කර ඇත. මෙම වේදිකාවේ අඩංගු තොරතුරු වෙරිටේ රිසර්ච් ආයතනයේ හෝ එහි සාමාජිකයින්ගේ පෞද්ගලික අදහස් හෝ මතය පිළිබිඹු නොකරයි. වේදිකාවේ අඩංගු තොරතුරුවල ප්‍රතිඵලයක් ලෙස සිදුවිය හැකි  හෝ එසේ වූ බවට කියවෙන කිසිඳු අලාභයකට හෝ කීර්ති නාමයට හානි කිරීම ඇතුළුව කිසියම් අලාභයක් හෝ හානියක් සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය කිසිදු ආකාරයකින් වගකිව යුතු නොවේ.

මෙම වේදිකාවේ අඩංගු තොරතුරු විශ්වාසදායක ප්‍රභවයන්ගෙන් ලබාගෙන ඇති බව සහතික කිරීමට සෑම උත්සාහයක්ම ගෙන ඇති අතර, තොරතුරුවල ඇති කිසිදු දෝෂයකට, අතපසු වීමකට හෝ ඒවා භාවිතයෙන් ලබාගත් ප්‍රතිඵල සඳහා වෙරිටේ රිසර්ච් සහ පබ්ලික් ෆිනෑන්ස්. එල් කේ (publicfinance.lk) හි සාමාජිකයින් වගකිව යුතු නොවේ. වෙරිටේ රිසර්ච් ආයතනයේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම වේදිකාවේ ඇති ඕනෑම අන්තර්ගතයක් වෙනස් කිරීම, ප්‍රකාශයට පත් කිරීම, සම්ප්‍රේෂණය කිරීම, හුවමාරු කිරීම, විකිණීම, ප්‍රතිනිෂ්පාදනය කිරීම, ව්‍යුත්පන්න කෘති නිර්මාණය කිරීම, බෙදා හැරීම, නැවත ඵල කිරීම, , රඟ දැක්වීම, ප්‍රදර්ශනය කිරීම හෝ කිසිදු ආකාරයකින් වාණිජමය වශයෙන්භාවිතා කිරීම සඳහා පරිශීලකයින්ට අවසර නැත.  වෙරිටේ රිසර්ච් ආයතනයේහි පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම වේදිකාවේ ඇති සියලුම (ඕනෑම) අන්තර්ගතයක් වාණිජමය වශයෙන් (වටිනාකමකට) අයුතු ලෙස භාවිත කිරීමට පරිශීලකයින්ට අවසර නැත.

එසේම, වෙරිටේ රිසර්ච් හි පූර්ව අවසරය ඇතිව හෝ නැතිව, පූර්වයෙන් ලබාගත් තොරතුරක් පසුකාලීනව භාවිතා කිරීමෙන් උද්ගතවන ප්‍රතිඵල සඳහා පබ්ලික් ෆිනෑන්ස්. එල් කේ (publicfinance.lk)  බැඳී නොමැත.

පබ්ලික් ෆිනෑන්ස්. එල් කේ (publicfinance.lk)  කිසිදු දේශපාලන පක්ෂයක් සහ / හෝ දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත සංවිධානයක් සමඟ සම්බන්ධ වීම, අනුමත කිරීම, නියෝජනය කිරීම, සහ සම්බන්ධ වීම ආදිය සඳහා කටයුතු නොකරයි. විශ්ලේෂණ  සඳහා භාවිතා කරන දර්ශක හුදෙක් කාර්ය සාධනයේ සංඛ්‍යානමය අනුමානයන් වේ.

මෙම වේදිකාවේ අඩංගු තොරතුරු පරිශීලකයන් දැනුවත් කිරීම සඳහා නොමිලයේ  සපයනු ලැබේ. මෙම වේදිකාවේ අඩංගු තොරතුරු සැපයීම සඳහා වෙරිටේ රිසර්ච් හෝ පබ්ලික් ෆිනෑන්ස්.එල් කේ හි සාමාජිකයින් සහ ඕනෑම පරිශීලකයෙකු අතර එකඟතාවයක් හෝ අවබෝධතාවක්  නොපවතී.

මෙම වේදිකාව, දත්ත මඟින් ප්‍රදර්ශනය කෙරෙන ප්‍රවණතා දැක්වීමට සහ ඒවා පිළිබිඹු කිරීමට පබ්ලික් ෆිනෑන්ස්. එල් කේ (publicfinance.lk)  විසින් සකස් කරන ලද ස්වාධීන විශ්ලේෂණ ඛණ්ඩලින් සමන්විත වේ. එවැනි විශ්ලේෂණ ඛණ්ඩ  ප්රතිඋත්පාදනය  කිරීම වෙරිටේ රිසර්ච් හි පූර්ව අවසරය ඇතිව විය යුතුය. එවැනි විශ්ලේෂණ කොටස් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හෝ ප්‍රතිනිෂ්පාදනය කිරීමදී මුල් ප්‍රකාශකයා ලෙසට වෙරිටේ රිසර්ච් වෙත ගෞරවය ලබා දිය යුතු අතර, ලිඛිතව වෙරිටේ රිසර්ච් විසින් අවසර ලබා දී නොමැති නම් අන්තර්ගතයන් විකෘති කිරීම හෝ වෙනස් කිරීම නොකළ යුතු වේ (නොවිය යුතු වේ).

වේදිකාවේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු සහ / හෝ විශ්ලේෂණයන් කිසියම් විශේෂිත කටයුත්තක් සඳහා යෝග්‍ය බවට වෙරිටේ රිසර්ච් සහ පබ්ලික් ෆිනෑන්ස්. එල් කේ (publicfinance.lk)  සහතික නොකරයි.

වෙනත් නිෂ්පාදන සහ වේදිකා